ලෝකයේ දරුණුම අපරාධකරුවන් දස දෙනා (Top 10 criminals) පිළිබඳ ගූගල් සෙවුම් යන්ත්‍රයේ සිදුකරන ඡායාරූප පිරික්සුම්වලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ඡායාරූප ඉදිරිපත් වීම ගැන ගූගල් සමාගම සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරන ගූගල් සමාගම පවසන්නේ, "මේ නිසා සිදුවූ කවරාකාර හෝ කලබලයක් හෝ වරදවා වටහා ගැනීමක් සම්බන්ධයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා" යනුවෙනි.
එහිදී, ගූගල් සේවුම් සිදුකිරීමේදී ලෝකයේ නම ගිය ත්රස්තවාදීන්, අපරාධකරුවන් සමග නරේන්ද්‍ර මෝදි මහතාගේ ඡායාරූපයද ප්රමුඛව පළ වීම මෙම සමාව අයැදීමට හේතු වී තිබේ.