අප යුරෝපා සංගමයෙන් ඉවත්ව ගිය නිසා, ලෝකය තුළ අප විසින්ම වඩාත් පැහැදිලි, නව ධනාත්මක භූමිකාවක් ස්ථිරව ඉදිරියට ගෙන යා යුතුව ඇති බවත්, අපට එක්ව යහපත් බ්‍රිතාන්‍යයක් ගොඩනැගීමට හැකිවනු ඇති බවත් බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී තේරේසා මේ පවසා සිටියාය.
ඊයේ (13දා) සන්ධ්‍යාවේදී බකිංහැම් මාලිගයේදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජින හමුවූ අවස්ථාවේදී නව රජයක් පිහිටුවීම සඳහා මහ රැජින සිදුකළ ඇරයුම පිළිගනිමින් අගමැතිවරිය ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව තෙරේසා මේ සිය ස්වාමියා වන පිලිප් මේ සමග ලන්ඩන් නුවර ඩවුනින්ග් වීදියේ අංක 10 පිහිටි බ්‍රිතාන්‍ය අගමැති නිල නිවස වෙත තමාට හිමිවූ අගමැති නිල රථයේ නැගී පැමිණ එරට අගමැති වශයෙන් ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ ජාතිය අමතමින් මෙසේ පවසා සිටියාය.
බ්‍රිතාන්‍යයේ අගමැතිනිය ලෙස තමන්, බලවතුන්, ධනවතුන් හෝ වරප්රසාදලාභීන් වෙනුවෙන් නොව, වැඩකරන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාකරන බවද ඇය අවධාරණය කළාය.
තෙරේසා මේ බදාදා රාත්‍රියේ සිය නව ඇමති මණ්ඩලයෙන් කොටසක් ප්‍රකාශයට පත්කිරීමටද නියමිතව තිබුණි.
ඇය අගමැති ධුරයට පත්වීමත් සමග බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දෙවැනි අගමැතිනිය බවට පත්වීමේ භාග්‍යයද ඇය වෙත උදාවිය.