පසුගිය දින කිහිපයේදී අනුරාධපුර හා තදාසන්න ප්රදේශයන්ට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර පූජා නගරය හා ඒ තදාසන්න ප්රදේශ ජලයෙන් යටවී තිබේ. අටමස්ථානයේ සමහර ස්ථානයන්ට යා නොහැකිවන පරිදි ප්රවේශ මාර්ග ජලයෙන් යටවී තිබේ.
සියළුම වැව් වල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.මල්වතු ඔය හා එයට අයත් අතු ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ඇතැම් ස්ථානවල අඩි පහක් ඉක්මවා ජලය තිබේ.
දහස් ගණන් ජනයා ජලගැලීමෙන් පීඩාවට පත්ව සිටිති. ඒ අතර දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝද අවතැන්ව සිටිති.
ඉන්දික සෙනෙවිරත්න