රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව සාක්ෂි වසන් කිරිමේ චෝදනා මත අත්අඩංගුට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නැවතත් එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (21දා) නියෝග කළේය.
මේ අතර රජයේ වාහනයක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් මිලියන 10.5ක අලාභයක් සිදුකිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතාගේ අයියා වන සරත් වීරවංශ නැවතත් එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (21දා) නියෝග කළාය.