කිසිදු සෞඛ්‍ය සේවකයෙකුට අනිසි ලෙස පවුල් සංවිධාන ක්‍රමය කල නොහැකි බවත් ඊට අනුගත කළ නොහැකි බවත් රජයේ පවුල් සෞඛ්‍ය නිලධාරීනියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසන්නේ පවුල් සංවිධන ක්‍රම පිළිබඳ උපදේශනය පමණක් ලබා දීමට හැකි බවයි. ඉකුත්දා දඹුල්ල රෝහලේ ඇති වූ ගැටළුකාරී තත්ත්වය පිළිබඳව අද 12 දා පොළොන්නරුවේදී මාධ්‍යට අදහස් දක්වමින් ඇය මේ බව පැවැසුවාය.