අනිද්දා (05දා) දිනයෙන් පසුව වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නමුත් හෙට (04දා) නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත්, අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, බස්නාහිර සහ දකුණු පළාත්වල අභ්‍යන්තර ප්‍රදේශවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක්ද පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව අද (03දා) මධ්‍යාහ්න 12.00 ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.