ශ්‍රී ලංකා පොලිසියේ 150 වන සංවත්සරය වෙනුවෙන් ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කර ඇති අතර එය අද සහ හෙට දිනයන්හිදී පැවැත්වේ.
අනාගත පොලිස් සේවාව - දකුණු ආසියාකරය අභිමුව ඇති අපේක්ෂා සහ අභියෝග” තේමාව රැගත් ජාත්‍යන්තර සමුළුව අද (04) කොළඹ කිංස්බරි හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා පොලිසියේ 150 වන සංවත්සරය නිමිතිකරගෙන ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා පොලිසිය, උපායමාර්ගික අධ්‍යයනය සදහා වූ කලාපීය කේන්ද්‍රය ඒකාබද්ධව මෙම සමුළුව සංවිධානය කර තිබේ.