වැට් බදු සංශෝධනයක් සිදු කරන ලද්දේ අනාගත ආයෝජනයක් වෙනුවෙන් බවත් එමගින් ලැබෙන ආදායම අධ්‍යාපනය වැනි ක්ෂේත්රවලට යොමු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කුලියාපිටිය ප්‍රදේශයේ අද (25දා) පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.
“භාණ්ඩ වළට අපි වැට් සියයට 11 සිට 15 වෙනකම් වැඩිකරලා තිබෙනවා. සියයට 15කින් වැඩිකරේ නැහැ ඊට ඉස්සෙල්ලා තිබුණ එක වැඩිකරා. ඇයි ? අධ්‍යාපනයට ගෙවන්න , අලුතෙන් එන අයට ගෙවන්න අපිට මුදල් හොයාගන්න ඕනේ. මේක අනාගතයට කරන ආයෝජනයක්. අත්‍යවශ්‍යය නොවන භාන්ඩ වලට ටිකක් වැඩියෙන් ගෙවුවත් ඒක තමන්ගේ දරුවන්ගේ සහ රටේ අනාගතයට කරන ආයෝජනයක් හැටියට කරන්න තිබෙනවා”.යැයි පැවසීය.