හජ් උත්සවයේදී අන්තවාදයට හා ජාතිවාදයට ඉඩක් නොමැති බව විපක්ෂනායක රනිල් වික්රමසිංහ මහතා පවසයි. එළැඹෙන 6දාට යෙදෙන හජ් දිනය වෙනුවෙන් පණිවිඩයක් යොමුකරමින් හෙතෙම මේ බව සඳහන් කරයි.
ජාති භේද, කුල භේද, වර්ණ භේද නොසලකා සියලු මුස්ලිම් බැතිමතුන් එකට එක්ව සමරන හජ් උත්සවය ලෝක සමුළුවක් සේ සලකන ලෙස ඉස්ලාම් ධර්මයේ සඳහන් වන බවත්, එහිදී අන්තවාදයට හා ජාතිවාදයට ඉඩ නොමැති බව රනිල් වික්රමසිංහ මහතා පවසයි.