අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (03දා) විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.
උද්ඝෝෂණ පාගමන අද උදේ 11.00 ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භවීමට නියමිත අතර, ඉන් පසුව පාගමන කොළඹ නගරයට පැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇත.