අන්තර්ජාලය ඔස්සේ දකින ශී‍්‍ර ලංකාව සැබෑ ශී‍්‍ර ලංකාවට වඩා බෙහෙවින් වෙනස් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම රට තුළ තහවුරු වී ඇති ප්රජාතන්ත්රවාදය සහ නිදහසත් සමග ඇතැම් අන්තර්ජාල සහ වෙබ් අඩවි ඔස්සේ ඉතා වැරදි ප්‍රචාරයන් ගෙන යන බවද ජනපති පැවැසීය.
කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය
නව තාක්ෂණය නිර්මාණ වූයේ මිනිසාගේ යහපත වෙනුවෙන් වුවද එය අයහපත සඳහා භාවිතා කරන ඇතැම් පිරිසක් ඒ ඔස්සේ රටේ සැබෑ ප්‍රතිරූපය විකෘති කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.
වත්මන් රජය ශී‍්‍ර ලංකාව තුළ ගුණාත්මක දේශපාලන පරිසරයක් නිර්මාණය කර තිබෙන බවත් යහපාලන සංකල්පය යටතේ සමාජ, ආර්ථික වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින බව ද ඔහු පැවැසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලියේදී ඇතැම් පිරිසක් රට තුළ ගෙන යන වැරදි ප්‍රචාරයන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කටාර්හි වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් දැනුවත් කළ බවද ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.