අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් තිබෙන නිසා අද (03දා) පළාත් 05කට සවස 2.00න්පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට වැසි අපේක්ෂා කරන බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යාහැකි බවත්කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
මීට අමතරව බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍ර‘දේශවලට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවත්, මධ්‍යම හා සබරගමු පළාත්වල සමහර ප්‍ර‘දේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඇය පවසා සිටියාය.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු මුහුදු ප්‍ර‘දේශවලට සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.