අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනට දකුණු දෙසින් පවතින අතර දිවයින හරහා අන්තර් මෝසම් කාලගුළ තත්ත්වය ස්ථාපිතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැකවෙයි. දකුණු හා නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇති විය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
සමහර ස්ථාවලට විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් මිලි මීටර් 75ක් දක්වා තරමක් තද වැසි ඇතිවිය හැකි බවද ඔවුන් පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් අපෙක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.