සයිටම් ගැටලුව විසඳාගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් දියත් ක‘ළ යුතු බවට එම සංගමයට යෝජනාවක් ඉදිරිපත් කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගත් පමණින් සයිටම් ගැටලුව නොවිසඳන බවත් ආණ්ඩුව උත්සාහ කරන්නේ රෝහල රජයට පවරාගෙන සයිටම් ගැටලුව විසඳූ බවට ජනතාව නොමග යැවීමට බවද පවසා සිටියේය.
මේ නිසා සයිටම් අහෝසි කරගැනීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර සිදුකරන අරගලයට සහායක් වශයෙන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන ලෙසට ඉල්ලීමක් කළ බවද හෙතෙම අවධාරණය කළේය.