අද දින කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල සිසුන් පැමිණි බස්රථ කිහිපයක් කැලණි පාලම ආසන්නයේදී පොලීසිය විසින් නතර කර ඇතැයි වාර්තා වේ.
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පැමිණි බස් රථ මෙසේ නතර කර ඇත. මේ අතර පේරාදෙණිය සරසවියේ සිසුන්ට උද්ඝෝෂණය සඳහා පැමිණීමට බස් රථ නොලැබී ඇතැයිද වාර්තා වේ. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ඒ සඳහා අවසර ඉල්ලා සිටියද සිසුන්ට බස් රථ ලබා දී නැත.
අද දින කොළඹදී පැවැත්වෙන උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය ඊයේ අධිකරණ නියෝගයක්ද ලබා ගත්තේය.
මේ වනවිට විහාරමහා දේවි උද්‍යානය අවට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවට පොලීසිය රැඳී සිටින අතර, පොලිස් ජල බවුසර්ද, කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ද බස්රථවලින් පැමිණ සිටින ආකාරයක් දැකිය හැකිය.