මෙම මස 26දා සිට 27දා දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් සමග එක්ව බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලින් අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය අද (29දා) සඳහන් කර සිටියේය.
ඒ අනුව කොළඹ උතුර 17ක්, කොළඹ මධ්‍යම 17ක්, කොළඹ දකුණ 05ක්, නුගේගොඩ 29ක්, ගල්කිස්ස 20ක්, ගම්පහ 17ක්, කැලණිය 03ක්, මීගමුව 05ක් වශයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඒ ඒ පොලිස් ස්ථාන මගින් නඩු පැවරීමට කටයුතු කර ඇත.
ඉදිරි කාලයේදීද මෙවැනි වැටලීම් සිදුකර අනවසර කසළ බැහැර කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.