ලංකාව පුරා විවිධ පුද්ගලයන් සතුව පවතින නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට ඊයේ (18දා) සිට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ගෙවීගිය දින 45 ක කාලය තුළ කොළඹ හා තදාසන්න ප්‍ර‘දේශවල ස්වයංක්‍රීය ගිනිඅවිවලින් සිදුකළ වෙඩි තැබීම් නිසා පුද්ගල මරණ 09 ක්‘ සිදුව, දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.