තානාපතිවරයකු, බෞද්ධ විද්වතකු, ගත් කතුවරයකු, සිවිල් සේවකයකු ද වූ ආචාර්ය ආනන්ද ඩව්ලිව්. පී. ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට හෙතෙම 87වැනි වියේ පසුවිය.
ඕස්ට්‍රේලියාවේ සරසවියක දේශන පවත්වා ඇමෙරිකාවට යමින් සිටිය දී ගුවන්යානයක දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
දේහය දැනට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටේ තබා ඇති අතර අවසන් කටයුතු වෙස්මිනිස්ටර්හි දී ඉරිදා (10) අවසන් සිදු කිරීමට නියමිතය. ඔහු විසින් ලියන ලද ග්රන්ථ සංඛ්‍යාව හැටකට ආසන්නය.