කෑගල්ල, වාරියපොළ, මහව හා පුත්තලම යන ප්රදේශවල සිදුවූ අනතුරු හතරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (06දා) මෙම අනතුරු සියල්ලම සිදුව තිබුණි.
කෑගල්ලේ යතුරු පැදියක් පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එහි ගමන්ගත් යතුරුපැදි කරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වාරියපොළදී පාපැදියක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාපැදිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහවදී ඩිමෝ බට්ටා ලොරි රථයක් ගසක ගැටිමෙන් සිදුවූ අනතුරකින් රියදුරු සහායකයා ජීවිතයක්ෂට පත්ව තිබෙනවා. පුත්තලමේදී මෝටර් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකිනන් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.