මෙමස 15 සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක් ක්රීයාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. අනතුරු වැළැක්වීම පිළිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් මෙම සතිය ප්‍රකාශයට පත් කරන ලදි.
ජාතික අනතුරු නිවාරණ සතිය දින 04 ක් පුරා දීප ව්‍යාප්තව පවැත්වීමට කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනය” ලෙස නොවැම්බර් මස 03 වන ඉරිදා ප්‍රකාශයට පත් කර තිබේ. දිනයට සමගාමීව මෙම සතිය ක්‍රියාත්මක කෙරේ.