අනතුරු තුනකින් සිවුදෙනෙකු මරුට
අක්මීමන, පොළොන්නරුව හා දංකොටුව යන ප්රදේශවල ඊයේ (13දා) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පින්නදූව දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ යග්ගහ හන්දියේදී ලොරි රථයක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම පොළොන්නරුව - මඩකලපුව ප්රධාන මාර්ගයේ මනම්පිටිය ප්රදේශයේදී වෑන් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
මීට අමතරව දංකොටුව, මාවතගම - බුජ්ජම්පොළ මාර්ගයේ තැඹිලිගහමුගල්ල ප්රදේශයේදී ඊයේ (15දා) සවස සිදුවූ යතුරුපැදි අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු දංකොටුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

