දිවයිනේ ප්රදේශ තුනක සිදුවූ අනතුරු තුනකින් පුද්ගලයින් සිවුදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි. යාපනයේදී ලොරියක පාපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 69 හැවැරිදි ජෝන් ප්රැන්සිස් නම් පාපැදිකරු මියගොස් ඇත.
හෙට්ටිපොළදී බස් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 26 හැවැරිදි නුවන් බුද්ධික නම් කොස්වත්තේ පදිංචි යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙයි. බිංගිරියේදී ජීප් රථයක් හා යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් චාමර ඉෂාන් (39), ඩබ්.වී. ජයරත්න (54) නැමැති යතුරුපැදි කරුවන් ජීවිතක්ෂයට පත්ව තිබෙයි.