කඩුගන්නාව හේනාවල රෝහල අසලදී පසුගිය (9දා) සවස අනතුරට පත් රථයේ සිටි අලියා අද (11දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.
හබරණ සිට පින්වල ප්‍රදේශයට ප්‍රතිකාර සඳහා අලියෙකු රැගෙන යමින් සිටි රථයක් මෙසේ අනතුරට පත්ව තිබුණි.
අනතුරට පත් රථයේ සිටි අලියා ප්‍රදේශවාසීන් විසින් දොඹකර ආධාරයෙන් බේරා ගනු ලැබුණි. ඉන් අනතුරුව පසුදින පැය 12 කට පමණ ආසන්න කාලයක් නිරාහාරව අලියා බිම වැතිරී සිටිනු දකින්නට ලැබුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ.
ඉන් අනතුරුව ඊයේ (10දා) වෛද්‍යවරුන් පැමිණ ප්‍රතිකාර ලබා දුන් නමුත් දැඩි ලෙස අසාධ්‍ය වී සිටි අලියා අද (11) අලුයම 2.00 ට පමණ මියගොස් ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.