මහනුවර - යාපනය මාර්ගයේ (ඒ-09) තිරප්පනය 'අලිස්ථාන' වංගුවේදී පෙරේදා (02දා) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෙහෙණින් වහන්සේ නමක අපවත් වී, භික්ෂූන් වහන්සේ නමක ඇතුළු හත් දෙනෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි තිරප්පනය පොලීසිය පවසයි.
මෙලෙස අපවත් වී ඇත්තේ, වලපනය, කීර්ති බණ්ඩාරාරාමයෙහි වැඩ විසූ රූපධම්මවේනී (අවු.65) නමැති තෙරණියකි. වලපනය ප්රදේශයේ සිට අනුරාධපුරය වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ 11 දෙනෙකු එහි ගමන් කර ඇත.
අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.