කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ කිරිවව්ල ප්‍රදේශයේදී ලොරි රථයක් හා අවමංගල්‍ය රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
අවමංගල්‍ය රථයේ රියදුරු හා රිය සහායක මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01දා) අනතුර සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.