අධිවේගී මාර්ග හරහා ප්‍රධාන නගර අතර ධාවනය කිරීමට සුඛෝපභෝගී නවීන බස් රථ 50ක් මුදල් අමාත්‍යංශය මගින් ප්‍රවාහන අමාත්‍යංශය වෙත අද (13 දා) භාර දුන්නේය.
කොළඹ ගාලු මුවදොර පිටියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එම බස් රථවල යතුරු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා වෙත භාරදෙනු ලැබීය. තෝරාගත් ඩිපෝ 50ක් සඳහා මෙම බස් රථ ලබාදීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී පැවසීය.