මගී ජනතාවගේ ප්රශ්නය විසඳීමටනම් අධීවේගී මාර්ග ඉදිකිරීම නවතා වහාම දුම්රිය මාර්ග ප්‍රමාණය දෙගුණ කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගය කුරුණෑගලින් අවසන් කර මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකර සිදුවන පරිසර විනාශය අවමකිරීමට කටයුතු කරන ලෙසද රතන හිමියෝ මහාමාර්ග අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
ඊයේ(19දා) පාර්ලිමේන්තුවේ පැවැති අධිවේගී මාර්ග පිළිබඳ විවාදයට එක්වෙමින් උන්වහන්සේ මේබව පැවසූහ.
මේවනවිට දුම්රිය තුළ ගමන්ගන්නා මගීන් ප්‍රමාණය වැඩි වී ඇති බවත්, දුම්රියන් තුනක ගමන් කළ යුතු මගීන් එක් දුම්රියක ගමන් ගන්නා බවත් උන්වහන්සේ පෙන්වාදුන්හ.
දුම්රිය මාර්ග ප්‍රමාණය දෙගුණ කරන්නේනම් ජනතාවගේ කාර්යක්ෂ්මතාව 50%කින් වැඩිවන බවද උන්වහස්සේ ප්‍රකාශ කළහ.