මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (19දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, මෙම විවාදයේදී කරුණු දැක්වීමට ආණ්ඩුපක්ෂය මෙන්ම විපක්ෂයද දැඩි උනන්දුවකින් සිටින බව අද ට වාර්තා වේ.
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී පසුගිය ආණ්ඩුව ගත් තීරණ සහ ඒ සඳහා පත් කළ අධ්යක්ෂවරුන්, උපදේශකවරුන් සහ ගනුදෙනු පිළිබඳ සියලු තොරතුරු ආණ්ඩුපක්ෂයෙන් විවාදයට එක්වන කථිකයන්ට ලබාදී තිබේ.
වත්මන් ආණ්ඩුව යටතේ ඉදිකරන සහ ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ග පිළිබඳ තොරතුරු සියල්ල විපක්ෂය විසින් මෙම විවාදයේදී ඉදිරිපත්කිරීමට නියමිත බවද වාර්තාවේ.