මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ගෙන් සියයට 99ක් අධිවේගී මාර්ග බදු දීමට විරුද්ධ බව මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු මිල්ටන් විජේසුන්දර මහතා අද (12දා) පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය අධිවේගී මාර්ග බදු දීමේ තීරණයට සහාය පළකිරීම සම්බන්ධව සේවකයන්ගේ විරෝධය පළවී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති 24ක් එක්ව මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
පාලනාධිකාරිය කිහිප දෙනෙකු සමග එක්ව පුරුදු ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවත්, අධිවේගී මාර්ග බදු දීමේ තීරණයට කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා ඉහළ නිලධාරීන් කටයුතු කර තිබෙන බවත් ඒ මහතා පැවසීය.