කටුනායක, දක්ෂිණ සහ කොළඹ පිටත වටරවුම් යන අධිවේගී මාර්ග තුන එක් අධිකාරියකට පවරා එම මාර්ග තුන ඩොලර් මිලියන 600කට චීනයේ ෂැංඩොංග් සමාගමට විකිණීමේ සැලසුමක් ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී අද (21දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
“නෑ නෑ අපි විකුණන්නේ නෑ වසර 35කට බදු දෙනවා කියලා කියාවි. වසර දහයකට වඩා බදු දෙනවා නම් එය විකුණුමකට සමාන බවටයි තක්සේරු කිරීමේදී සලකන්නේ. මේ සතියේ ඇමති මණ්ඩල රැස්වීමට මේ පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ පසුගිය ඇමතිමණ්ඩල සාකච්ඡාවෙදිත් අවධානය යොමු වුණා.
එතනදි විශ්‍රාමික දේශප්‍රේමී ඇමතිවරයෙකු හොඳ යෝජනාවක් කරලා. අධිවේගි මාර්ග තුන විකුණනවා කීවාම ලොකු විරෝධයක් සමාජයේ නැගෙනවා. ඒ නිසා අපි අලුතින් අධිකාරියක් හදලා ඒකට අධිවේගි මාර්ග පවරලා ඒකෙන් කොටස් ප්‍රතිශතයක් විතරක් චීනෙට විකුණමු කියලා. මොන වෙස් මුහුණ බැන්දත් අපි මේ විකිණීමට විරුද්ධයි" යනුවෙන්ද ඔහු කියා සිටියේය.