සියලුම අධිවේගී මාර්ගයන් තුළ පිහිටි විදුලි ලාම්පු සඳහා සූර්ය විදුලි ජනන (සූර්ය කෝෂ) සවිකිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේහරහා විදුලිය ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන අතර විදුලි ලාම්පු සඳහා වැයවී ඉතිරිවන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකිරීම පිළිබඳවඳ මෙහිදී අවධානය යොමුව තිබේ.
සියලුම අදිවේගී මාර්ග දෙපස සූර්ය විදුලි ජනන ඒකක සවිකිරීමට විදුලිබල හා පුනර්ජනනීය බගශක්ති අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබූ අතර එයට වඩා මෙම ක්‍රමය ඵලදායී වන බව මේසම්බන්ධයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී පෙන්වාදී තිබේ.
කෙසේවෙතත් මේසම්බන්ධයෙන් වැඩිදුරට අධ්‍යනය කර වාර්තාකිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරීයේ අධ්යක්ෂවරයා වෙත පවරා ඇති අතර මහාමාර්ග අමාත්‍යාංශය සමගද මේසම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට නියමිතය.