සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට සහනයක් වශයෙන් කටුනායක - කොළඹ, මහරගම - ගාල්ල සහ කඩුවෙල - මාතර යන මාර්ගවල බස් මගී ගාස්තු පහළ දමා තිබෙන අතර, මීට අමතරව මගී බස් රථ ඇතුළත් කිරීමේ ගාස්තුවත් 30% කින් අඩු කළ බව හයිවේ එක්ස්ප්‍රස් සමාගමේ සභාපති එන්. වී. විමලරත්න මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ නියමයෙන් මෙම ගාස්තු අඩු කිරීම සිදුකළ බවත්, මේ අනුව මෙතෙක් කොට්ටාව - ගාල්ල අතර දුර සඳහා මගියෙකුගෙන් අය කළ රුපියල් 500 ක ගාස්තුව රුපියල් 420 දක්වාත්, මහරගම - මාතර අතර අයකළ රුපියල් 650 ක ගාස්තුව රුපියල් 500 ක් දක්වාත් අඩු කළ බව හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව කඩුවෙල - මාතර අතර අයකළ රුපියල් 650 ක ගාස්තුව රුපියල් 500 දක්වාත්, කටුනායක - කොළඹ අතර අයකළ රුපියල් 150 ක ගාස්තු මුදල රුපියල් 120 දක්වාත් අඩු කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව අධිවේගී මාර්ගවල ගමන්ගන්නා සියලුම මගී බස් රථවලින් මෙතෙක් අයකළ ප්‍රවේශ ගාස්තුව අද (10දා) රාත්‍රියේ සිට 30% කින් අඩුකරන බවද ඒ මහතා පවසා සිටියේය.
බස් ප්‍රවේශ ගාස්තුව දින 14 ක් පුරා ක්‍රියාත්මක බවත්, මගී ගාස්තුව දිගටම ක්‍රියාත්මක බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර සියලු වාහනවල ප්‍රවේශ ගාස්තුවද ලබන 25 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අඩුකළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.