අධිවේගයේ වේග නිරීක්ෂණයට නව පද්ධතියක්
අධිවේගී මාර්ග තුළ වාර්ෂිකව සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් 27%ක් පමණ අදික වේගය සහිතව ධාවනය කිරීම හේතුවෙන් සිදුවී ඇති බව නිරීක්ෂණය වෙතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය විසින් පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා නව මාපක යාන්ත්‍ර පද්ධතියක් මේ වන විට ස්ථාපිත කර ඇත.
මෙම පද්ධතිය මගින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර පැයට කිලෝමීටර 100ට වැඩි වේගයෙන් ගොස් වේග සීමා උල්ලංඝණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථානයෙන් මුද්‍රණය කර නිකුත් කෙරේ.
මෙම ඡායාරූපය තුළ වාහනයේ අංකය, එහි වේගය සහ එම වේගය වාර්තා කළ මොහොත අන්තර්ගත වනු ඇත. මෙම නීරීක්ෂණයන් රාත්‍රී කාලයේ සිදුකළ හැකි පහසුකම්ද සලසා ඇත.
මෙම පද්ධතිය 2018/02/14 දින සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය විසින් සැළසුම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

