අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහරගම - මාතර, මහරගම - ගාල්ල අතර අධිවේගී මාර්ගයේ මගී ප්රවාහනයට තාවකාලිකවලබා දුන් මාර්ග බලපත්ර 35ක වලංගු කාලය පෙරේදා (22දා) අවසන් වූ වුවත් බලපත්ර 13ක් සඳහා ලබන මස 28 වැනිදා දක්වා එම මාර්ගවල බස්රථ ධාවනයට අවසර ලබාදී තිබෙන බවට වාර්තා වේ.
මෙසේ මේ මස 28 වැනිදා දක්වා, බස් රථ ධාවනය කිරීමට අවසර ලබාදී තිබෙන එක් බස්රථයකින් අයකරනු ලබන්නේ රුපියල් 3000ක මුදලක් බවටද වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයයේ සභාපති ගැමුණු විජය රත්න මහතා සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පත් වූ නව සභාපතිවරයා විධිමත් බස් සේවාවක් රටතුළ ඇති කරාවි යැයි බලාපොරොත්තු වුවත් අධීවේගී මාර්ගයට නීතිවිරෝධී ආකාරයට බලපත්ර 13 ක් ලබාදී පළමු නීතිවිරෝධී කටයුත්ත ඊයේ (23දා) සිදුකළ බවයි.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් තාවකාලික බලපත්ර ලබාදීමේදී නිවැරදි ක්රමයක් අනුගමනය නොකළ බවත්, මේ නිසා අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වූ බොහෝ පිරිසකට අසාධාරණයක් සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.