දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම-ගාල්ල පොදු මගී සේවාවල ගමන් ගන්නා මගීන්ට ජංගම දුරකථන මගින් දින 14 කට පෙර ආසනවෙන්කරවාගැනීමේ අවස්ථාව මේ මස 21 වැනිදා සිට ලබාදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව දින 14 ක සිට ගමන යාමට පැයකට පෙර දක්වා කාලය තුළදී මොබිටෙල් දුරකථන ජාලය හරහා 365 ඇමතීමෙන් ආසන වෙන්කරවා ගැනීමේ හැකියාව ලැබෙන බව එම කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කළේය.