දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ඉදිරියේ දකුණු පස රෝදය ගැලවී යාමෙන් බස් රථය මීටර් 200ක් පමණ දුරගොස් ඇති අතර රියදුරුගේ සැලකිලිමත් බව නිසා බස් රථය දැඩි පරිශ්රයමයකින් නතරකර ගෙන මගින් 60කගෙ පමණ ජීවිත බේරාගෙන ඇත.
ඊයේ (13දා) පස්වරුවේ අධිවේගී මාර්ගයේ 73වැනි සැතපුම් කණුව අසලදී මෙම අනතුර සිදුව ඇත. බසයේ රෝදය ගැලවීයාමත් සමග බස් රථය රියදුරට පාලනය කරගැනීමට නොහැකිව බසය ඒ මේ අත ගමන් කර ඇත. බසය අධිවේගී මාර්ගයේ එක පසක ඇති වැටේ හැපීමට ගොස් ඇති අතර රියදුරුගේ ඇති දක්ෂතාව නිසා බසය නතරකර ගැනීමට හැකිවී තිබේ.
හිනිඳුම රවීන්ද්‍ර ශ්‍රී ලාල්