අධිරාජ්‍යවාදීන් දෙමළ ජාතික සන්ධානය සමග එකතුවී ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(16දා) පැවසීය.
මේ හේතුවෙන් ඉදිරියේදී සිංහල සමාජය තුළ විශාල කෝලාහලයක් ඇතිවීමට ඉඩ ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හැකි ඉක්මනින් දෙමළ ජාතික සන්ධානයේ උවමනාවන් පරාජය කිරීමට සියලු දේශපාලන පක්ෂ එකතුවියයුතු බවත්, එසේ නොවුවහොත් අධිරාජ්‍යවාදීන් මේ රට අත්පත්කරගනු ඇති බවත් හෙතෙම පවසා සිටියේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදි ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය.