ඉතාලියේ සිට කොටස් වශයෙන් ශ්රී ලංකාවට ගෙන එකලස් කරන ලද ලංකාවේ මාර්ගවල ධාවනය කිරිමට තහනම් කර ඇති අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි 2 ක් බොරලැස්ස මිරිස්සන්කොටුව ප්රදේශයේ නිවසක සඟවා තිබියදි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20 දා) මෙම අත්අඩංගුට ගැනිම සිදුකර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදි දෙකේ වෙළඳපොළ වටිනාකම ලක්ෂ 20ක් පමණ වන බව පොලිසිය කියයි.
චන්දන ප්රනාන්දු