පළමු වතාවට රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාදී තිබෙන බවත් මෙය අධිකරණයේ ස්වාධීනත්වය තහවුරුවන එක් අවස්ථාවක් බවත් අධිකරණ නියෝගයට ගරුකරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාගමන මහනුවර නගර සීමාවෙන් පිටත ගැටඹේ විහාරස්ථානයෙන් ආරම්භකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (27) පස්වරුවේ මහනුවරදී පැවැසිය.
දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේබව ප්‍රකාශකළේය.මෙම අධිකරණ තීන්දුව අද (27දා) පස්වරු 7.00 වනවිටත් තමන්ට දැනගන්නට නොලැබුණු බවත් ලැබුනු දැනගැනීම් අනුව මහනුවර නගර සීමාවෙන් පිටත පෙළපාලිය පැවැත්වීමට අවසර ඇතිබවත් මහින්ද රාඡපක්ෂ මහතා කීය. අධිකරණ තීන්දුව පොලීසිය මගින් වැරදිලෙස හුවා දක්වමින් පාගමන තහනම්කර තිබෙන බවට ප්‍රචාරයක් ගෙන යන බවද වැඩි දුරටත් පැවැසිය.