අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් 3න් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දන්වා ඇත.
එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් මෙසේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වී තිබේ.
මෙම වගන්ති සංශෝධනය වන්නේ නම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය අද (03දා) කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.