අල්ලස් හෝ දුෂණ කොමිසම ඉදිරිපිටදී අධිකරණ නියෝග වලට පටහැනිව උද්ඝෝෂණය කිරීමේ වරදට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටි භික්ෂුන් වහන්සේලා 08 දෙනෙක් ඇතුළු 27 දෙනෙකු අද (08දා) ඇප පිට මුදා හරින ලදී.
එක් හිමිනමක් අධිකරණයේ පෙනි නොසිටිම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කරන ලදි. හිමිනමකට රුපියල් දසලක්ෂය බැගින් ශරිර ඇප මත භික්ෂුන් වහන්සේලා 08 නම මුදවා හැර ඇති අතර අනෙක් 17 දෙනාගෙන් එක් අයෙකුට රුපියල් දහදාහක මුදල් ඇප හා රුපියල් දසලක්ෂයක ශරිර ඇප එකක් මත මුදවා හැර ඇති බඉව පොලීසිය නිවේදන කරයි. මෙම නඩුව 2015-07-13 දා කැදවිමට නියමිතය.
එම විත්තිකරුවන්
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
පූජය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි
පූජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද හිමි
පූජ්‍ය බියගම සුසිල හිමි
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි
පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
ඩලස් අලහප්පෙරුම
ජානක ප්‍රියන්ත බණ්ඩාර
සරත් වීරසේකර
රොෂාන් රණසිංහ
ජයන්ත කැටගොඩ
උදිත ලොකුබණ්ඩාර
ගාමිණී ලොකුගේ
බන්දුල ගුණවර්ධන
එස්.එම්.චන්ද්‍ර‘සේන
වීරකුමාර දිසානායක
ප්‍රසන්න රණතුංග
උදය ගම්මන්පිල
රොජර් සෙනෙවිරත්න
ජගත් කුමාර
සුනිල් ජයමිණි
උපාලි කොඩිකාර
මධුමාධව අරවින්ද
අජන්ත ලියනගේ යන පිරිසයි.