අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23දා) අලුයම සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇත. අද අළුයම 01ට පමණ කුරුණෑගල පාදෙණිය ප්‍රදේශයේ දී අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය බවුසරයක ගැටි අනතුර සිදුව ඇත.
අනතුරින් අමාත්‍යවරයාගේ පාදයකට සුළු හානි සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. අනතුරින් අමාත්‍යවරයාගේ කැබ් රථයේ රියදුරු සහ අමාත්‍යයවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලබා ඇත.