අද දිනයේදසවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද(15) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වේ. බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේ දී වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තරමක් තද වැසිද (මිලී මීටර් 50-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ නිවේදනයේ දැක්වේ.