දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද (07දා) දිනයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද පෙව 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.