අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම් නිසා අද (11දා) දිනයේදීත් මිලිමීටර සියය ඉක්මවූ වැසි ඇති විය හැකි බවත්, වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව දිවයින වටා මුහුදු ප්‍ර‘‘දේශවල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා ඉදිරි දින තුනක කාලය තුළදී අධික වැසි ඇතිවිය හැකි බවත්, ඉන්පසුව සමස්ත කාලයේදී පමණක් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු අධික වර්ෂා තත්ත්වය සහ වැසි ජලයෙන් පහත්බිම් යටවීමෙන් කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල පවුල් දහසකට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 3201 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව කඩුවෙල ප්‍ර‘දේශයේ මාර්ගයට ගසක් කඩා වැටීම නිසා එක් පුද්ගලයෙකු මරණයට පත්වී තිබෙන අතර, කොළඹ දිස්ත්‍රික්කයට ඇදහැළුණු වර්ෂා තත්ත්වය නිසා පවුල් 22කට අයත් පුද්ගලයින් 97 දෙනෙකු ආරක්ෂිත නිවාස 02කත් රඳවා සිටින බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා පවසා සිටියේය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගාල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් පවුල් 743 කට අයත් පුද්ගලයන් 2660ක් පීඩාවට පත්ව ඇති බවත්, ගාල්ල දිස්ත්රික්කටයේ මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
ගෙවී ගිය මාස 05ක කාලය තුළදී ඇතිවූ අකුණු හේතුවෙන් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවේ.