අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ සහ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.