අද සහ හෙට තැපැල් ඡන්ද නොදුන්නොත් 20දා අවස්ථාව
බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව අද (13දා) සහ හෙට (14දා) යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ජන්ද දායකයන්ට ලබන 20 වැනිදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13දා) සහ හෙට (14දා) සිදු කෙරෙන බව පෙන්වා දෙමින් මැතිවරණ මහලේකම් කාර්යාලය මෙය නිවේදනය කළේය.
එමෙන්ම, රාජ්‍ය සේවකයන් 112,321 දෙනෙක් මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පළාත් 02න්ම සුදුසුකම් ලබා සිටින බවද පැවසෙයි.
මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිලධාරී කණ්ඩායම් යොදවා ඇති අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ද අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම නිරීක්ෂණය කිරීමටද නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

