අද සහ හෙට දිනයන්හී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18දා) සඳහන් කරයි.
මේ අතර සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නිරිත දිග ප්‍රදේශයන්හී මි.මි. 75ක් පමණවූ තරමක් තද වැසි ඇති විය හැකිය.
විශේෂයෙන් ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් තරමක තද සුළං සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.