කුමන වේලාවක ආණ්ඩුව විසුරුවා හැරියත් තම පක්ෂය මැතිවරණයකට සූදානම් බව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය. ගාල්ල අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (24දා) පැවති ජනහමුවකදී ඇමතිවරයා එසේ පැවසීය.
"මේ ආණ්ඩුව තරම් මේ දින සියය තුළ දැවැන්ත සංවර්ධන කටයුතු හා ජනතා සේවාවන් සිදුකළ වෙනත් ආණ්ඩුක් නැති තරම්. සුදු වෑන් සංස්කෘතියක් ඇද නෑ. පෑන,පරිගණකය නිවැරදිව මාධ්‍යවේදීන්ට පරිහරණය කළ හැකියි. ඒකට බාධාවක් නෑ. නිදහසේ තම මාධ්‍ය මෙහෙවර සිදු කරන්න ජනතාවට සත්‍ය පුවත් ලබාදෙන්න අද මේ රටේ මාධ්‍යවේදින්ට මාධ්‍ය ආයතනවලට සම්පූර්ණ නිදහස ලබාදී තියනවා .
මේ අතරරේ කෑලි කැඩුණු විපක්ෂය ආණ්ඩුව කරන්න බලය ඉල්ලනවා මේ රටේ ජනතාව අපට බලය දුන්නා. ඒ අයට දුන්නේ නෑ. විපක්ෂය, දැන් අර භංග මේ භංග ගේන්න හදනවා. මොන භංග ගෙනාවත් මේ කෑලි කැඩුණු විපක්ෂය භංග කරන්න ඉදිරි මැතිවරණයේ දී ජනතාව ජනතාව බලා සිටිනවා.අපි කියන්නේ අද රෑට ආණ්ඩුව විසුරුවත් කමක් නෑ. අපි සූදානම්.ඉදිරි මහා මැතිවරණයේදී කෑලි කෑලිවලට කැඩුණු විපක්ෂයට පාඩමක් උගන්වන්න ජනතාව සූදානමින් සිටිනවා."
ජිනේෂ් නානායක්කාර