අද රාත්රියේදී කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ට වැඩි වැසි ඇතිවුවහොත් කඳු නායයෑම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැසි ඇතිවී නායයෑමේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
අද රාත්‍රී කාලයේදී රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල මිලිමීටර් 100ක පමණ වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.